බොක්කාවල පොලිස් වසමේ රඹුකේවෙල ප්‍රදේශයේ ඊයේ (30) රාත්‍රියේ විදුලි සැර වැදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදුලි හීටරයක් ස්පර්ශ වී ඇය මෙලෙස මියගොස් ඇති බවයි දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වූ රඹුකේවෙල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක්.
සිද්ධිය සම්බන්ධයෙන් බොක්කාවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.










