දේශීය

පාර්ලිමේන්තු සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සැරසෙයි ?

අයවැය කාල සීමාව තුළ පාර්ලිමේන්තු සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාවකට අවතීර්ණ වීමට සුදානමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

පාර්ලිමේන්තුවේ පරිපාලනය ප්‍රතිව්‍යුහ ගතකිරීම සම්බන්ධ කමිටු වර්තාවට විරෝධය පලකරමින් එහි සේවකයින් මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට සුදානමින් පසුවන බවයි සඳහන් වන්නේ.

ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ කමිටු වාර්තාව මේ වන විටත් පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානීන් වෙත වැඩිදුර නිරීක්ෂණය සඳහා යොමු කර තිබෙනවා.

එම වාර්තාවට සේවකයින් දැඩි විරෝධතාවක් දක්වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු 09ක් පවතින අතර එහි 850ක පමණ සේවකයින් පිරිසක් සේවය කරනු ඇති.

ඒ අනුව, එම සේවකයින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් නිල නොවන මට්ටමින් එකඟතාවයකට එළඹ ඇති බව සඳහන් වනවා.

Shares: