කිතුල්ගල පොලිස් වසමේ හැටන් කිතුල්ගල මාර්ගයේ 39 වන කිලෝමීටර් කණුව අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කිතුල්ගල දෙස සිට හැටන් දෙසට ධාවනය වූ කාර් රථයක් ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
පොලිසිය පැවසුවේ අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා තැලිගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 44ක් වූ කිතුල්ගල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය තැලිගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කිතුල්ගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.










