තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම දෙසැම්බර් මස 15 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම ඉල්ලීම අද (03) කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන මංජුල තිලකරත්න සහ ලංකා ජයරත්න යන විනිසුරු මඩුල්ල ඉදිරියේ දීයි කැඳවනු ලැබුවේ.
එහිදී මෙම ඇප ඉල්ලීමට අදාළ විරෝධතා ගොනු කිරීමට අවසර දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව විනිසුරු මඩුල්ල නියම කළේ නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මේ මස 28 වනදා ගොනු කරන ලෙසයි.
ඉන් අනතුරුව මෙම ඇප ඉල්ලීම පිළිබඳ විභාගය දෙසැම්බර් මස 15 වනදා සිදු කිරීමට ද නියම කළා.
බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකාර අලි රොෂාන් නැමැත්තාට බරපතල වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම කරනු ලැබුවේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්.
එම සිර දඬුවමට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරනතුරු තමන්ව ඇපමත මුදා හරින ලෙස ඉල්ලමින් අලි රොෂාන් සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.











