2025 සැප්තැම්බර් මස 30 වන දා වන විට අපේක්ෂිත ඉලක්කයෙන් 117%ක් සපුරාලීමට හැකිවූ බව ශ්‍රී ලංකා රේගු පවසනවා.
ශ්‍රී ලංකා රේගු නිලධාරීන් පසුගිය දා පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව දීයි මේ බව අනාවරණය කළේ.
ඒ අනුව රේගු නිලධාරීන් ප්‍රකාශ කළේ 2025 සැප්තැම්බර් 30 වන දිනට අපේක්ෂිත රේගු ආදායම රු බිලියන 1,485ක් බවත්, රු බිලියන 1,737ක ආදායමක් මේ වනවිට ලැබී ඇති බවයි.
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී සෑම මසකම රේගු ආදායම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත්, වැඩිම ආදායමක් හිමිවී ඇත්තේ, වාහන ආනයනය මඟින් බවයි ඔවුන් කියා සිටියේ.
එය 2025 ඔක්තෝබර් 14 වන විට රු බිලියන 587.11ක්.
එම අගය ඒ වනවිට සමස්ත ආදායමෙන් 37%ක් බවද රේගු නිලධාරීන් පැවසුවා.
ඒ අනුව ඔක්තෝබර් 14 වන විට මෝටර් කාර් 55,447ක් ආනයනය කර ඇති අතර, එමඟින් හිමිව තිබෙන රේගු බදු ආදායමරු බිලයන 474.26ක්.
එමෙන්ම භාණ්ඩ ප්‍රවාහන රථ 7,331ක් ආනනය කර ඇති අතර, ඉන් රු බිලියන 48.67ක ආදායමක් ලැබී තිබෙනවා.
යතුරුපැදිය 142,524ක් හා ත්‍රීරෝද රථ 15,035ක් ආනයනය කර ඉන් ලැබූ ආදායම පිළිවෙලින් රු බිලයන 30.37ක් හා 15.10ක්.
මගී ප්‍රවාහන බස් හා වෑන් රථ 1,679ක් ආනයනය කර ඇති අතර එමඟින් රු බිලියන 12.66ක ආදායමකුයි ලැබී ඇත්තේ.
මේ අතර රේගුව මඟින් රාජසන්තක කරන භාණ්ඩ වෙන්දේසි කිරීම සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඉදිරියේ දී එය හඳුන්වා දීමට නියමිත බවත් රේගු නිලධාරීන් පැවසුවා.
කාරක සභාවේ සාමාජිකයින් වන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අජිත් පී පෙරේරා, නීතිඥ සුජීව සේනසිංහ, සුජිත් සංජය පෙරේරා, සුනිල් බියන්විල සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරු ද ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිසකුයි මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූයේ.










