උණුසුම් පුවත්

ආධාර රැගත් රුසියන් ගුවන් යානයක් ලංකාව බලා පිටත් වෙයි

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් රුසියානු මානුෂීය ආධාර රැගත් ගුවන් යානයක් ශ්‍රී ලංකාව බලා පිටත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා තානාපති ෂෝබිනි ගුණසේකර මහත්මිය අද අලුයම වාර්තා කර ඇත්තේ මානුෂීය ආධාර ටොන් 35ක් රැගත් ගුවන් යානයක් මෙලෙස ශ්‍රී ලංකාව බලා පිටත් වූ බවයි.

2004 වසරේ ඇතිවූ සුනාමියෙන් පසු ශ්‍රී ලංකාවේ ඇති වූ දරුණුතම ස්වාභාවික විපත වූ “දිට්වා” සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පුද්ගලයින් 639 දෙනෙකු මිය ගිය අතර ජනගහනයෙන් 10%කට පමණ බලපෑම් එල්ලවී තිබෙනවා.

Shares: