ගතවූ පැය 24 තුළ ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් 08 හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (08) මෙම අනතුරු සිදුව තිබුණේ මාතලේ, තණමල්විල, වැලිකන්ද සහ කොටවිල පොලිස් වසම්වලදීයි.
වැලිකන්ද පොලිස් වසමේ අසේලපුර කුරුළුබැද්ද මාර්ගයේ අසේලපුර ප්රදේශයේදී ට්රැක්ටර් රථයක මාර්ගය හරහා ගමන් කල දරුවෙකු ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ එම දරුවා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ප්රථිකාර ලබමින් සිටියදීයි මියගොස් ඇත්තේ.
එලෙස මියගොස් ඇත්තේ, අසේලපුර ප්රදේශයේ පදිංචිව සිටි 08 හැවිරිදි දරුවෙක්.
මේ අතර මහනුවර – යාපනය මාර්ගයේ දියබුබුල පාලම අසලදී මාතලේ දෙස සිට ඇල්වල දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් මාර්ගය හරහා ගමන්කළ පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලයා මාතලේ රෝහලට ඇතුළත් කර ප්රථිකාර ලබමින් සිටියදීයි මියගොස් ඇත්තේ.
එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 70 ක් පමණ වන යාචක පුද්ගලයෙක්.
මේ අතර තණමල්විල – වැල්ලවාය මාර්ගයේ බලහරුව ප්රදේශයේදී ටිපර් රථයක ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක් ගැටී අනතුරක් සිදු වූවා.
පොලිසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබූ වෑන් රථ රියදුරු තණමල්විල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්රථිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුලත් කිරීමේදී බවයි.
එලෙස මියගොස් ඇත්තේ, තණමල්විල ප්රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක්.
මෙ අතර කොටවිල පොලිස් වසමේ කඹුරුගමුව ප්රදේශයේදී ට්රැක්ටර් රථයක ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු ලැබීම රෝහලට ඇතුළත් කර ප්රත කාර ලබමින් සිටියදී මිය ගිය බවයි පොලිසිය ප්රකාශ කළේ.
එලෙස මියගොස් ඇත්තේ, කොටවිල, කඹුරුගමුව ප්රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි පුද්ගලයෙක්.











