උණුසුම් පුවත්

IMF නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (22) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු හානිය පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් අදාළ නියෝජිතයින් පිරිස මෙරටට පැමිණීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ.

අද දිනයේ දිවයිනට පැමිණෙන එම නියෝජිතයින් ලබන 28 වන දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව තිබෙනවා.

Shares: