උණුසුම් පුවත්

ප්‍රසන්න රණතුංග ඇප මත නිදහස්

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

එහිදී සැකකරුට ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් අධිකරණයෙන් නියම කළා.

එමෙන්ම අධිකරණය නියෝග කළේ ඔහුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසයි.

සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුලු ආයතන හතරක සේවකයන් සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් වෛද්‍ය රක්ෂණාවරණ ලබාගැනීමේදී තැරැව්කාර සමාගමකට අයුතු වාසියක් අත්කර දී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රු.4.750,828.72 ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියකට අදාළවයි අල්ලස් කොමිසම මගින් හිටපු සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ.

Shares: