දේශීය

රේගුව වසරේ ආදායම් ඉලක්කය ඉක්මවා යයි

ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසර තුළදී සම්පූර්ණ කළ යුතු ආදායම් ඉලක්කය ඊයේ (11) දිනයේදීම පසුකර ගිය බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමිනුයි ඔවුන් මේ බව දැනුම් දෙන්නේ.

රේගුව වැඩිදුරටත් සඳහන් කරන්නේ 2025 වසරේ ආදායම් ඉලක්කය වූ රු. බිලියන 2,115ක අගය ඉක්මවා යමින් ඔවුන්ට ඊයේ දිනය වනවිට රු. බිලියන 2117.2ක සීමාවට පැමිණීමට හැකි වූ බවයි.

Shares: