පාකිස්තාන ඉස්ලාමාබාද්හිදී ඊයේ (11) සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම එරට තලේබාන් සංවිධානය භාරගෙන තිබෙනවා.
ඔවුන් ප්‍රහාරයේ වගකීම භාරගනිමින් පවසා ඇත්තේ, ඉස්ලාම් – විරෝධී නීති අනුගමනය කරමින් තීන්දු ලබාදීමට මුල්වන විනිසුරුවන්, නීතිඥයන් සහ නිලධාරීන් සිය ප්‍රහාරයේ ඉලක්කය වූ බවයි.
මෙම ප්‍රහාරයේ දී මරාගෙන මැරෙන බෝම්බකරු අධිකරණ සංකීර්ණය තුළට යාමට උත්සාහ කළ බවත්, එය අසාර්ථක වූ නිසා එහි පිටතදී පිපිරවීම සිදුකර ඇති බවත් මූලික විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.
බෝම්බකරු පිටත ප්‍රදේශයක සිට යතුරුපැදියකින් ඉස්ලාමාබාද් නුවරට පැමිණ ඇති අතර, බෝම්බය සඳහා බෝල් බෙයාරිං යෙදූ කිලෝග්‍රෑම් 5ක පමණ පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන ඇති බවත් හෙළි වී තිබෙනවා.
ඊයේ සිදු වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 27 දෙනෙකු තුවාල ලැබූ බව පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කළා.











