දේශීය

ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

2025 දී ලෝක දියවැඩියා දිනය (නොවැ. 14) වෙනුවෙන් ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය විසින් සමාජ සත්කාරක වැඩසටහනක් හෙට (15) ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව හෙට පෙ.ව 6.30ට දියවැඩියා පිළිබඳ දැනුම්වත්කිරීමේ පාගමනක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව පෙ.ව. 7.30ට සිට කොළඹ නගර සභා ක්‍රීඩාංගණයේ දී සෞඛ්‍ය කඳවුරක් ඇතුළුව දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම සියලු කටයුතු නොමිලයේ සිදුකරන බවයි ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය ප්‍රකාශ කළේ.

Shares: