ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 8 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
2026 මුදල් වර්ෂයට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර ඇත්තේ.
එහිදී රෝහල් සායනවලදී රෝහල තුළ නොමැති ඖෂධ රෝගීන්ට බාහිරින් ලබා ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම, රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදුකිරීමට අවශ්‍ය නිර්දේශ නිකුත් නොකිරීම, දෛනික සායන හැර අතිරේඛ කිසිදු සායනයකට එක්නොවීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් වර්ජන ක්‍රියාමාර්ගයට ඇතුළත්.










