වසර 76 ක් ඉපැරණි කොළඹ කුරුඳුවත්තේ පිහිටි නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ ස්ථාපිතකර ඇති සිංහ මූර්ති ප්‍රතිමා 57ක්, ප්‍රතිස්ථාපනය කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.
නිදහස් චතුරස්‍රය ප්‍රතිසංස්කරණ කිරීමේ වැඩසටහන යටතේ ඒවා ඉවත් කිරීමට තීරණය කර ඇති අතර එම ප්‍රතිමා නැවත ප්‍රතිස්ථාපනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
වසර 76ක් පමණ ඉපැරැණි මෙම නිදහස් චතුරස්‍ර ගොඩනැගිල්ල විශේෂඥ කමිටුවක් විසින් පසුගියදා හඳුනාගෙන තිබුණේ අබලන් තත්ත්වයේ පවතින ගොඩනැගිල්ලක් ලෙසයි.
නිදහස් චතුරස්‍රය සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ තත්ත්ව පරීක්ෂාවකදී, එහි ගල් කණු, වහලය සහිත පද්ධතිය, විවිධ යුගවලට අයත් කැටයම් නිර්මාණද යළි ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි ද අවධානය යොමුවී තිබෙනවා.
එහිදී ලබන වසරේ නිදහස් දින සැමරුමෙන් පසු මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමටයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ.
1948 වසරේදී ශ්‍රී ලංකාව බ්‍රිත්‍යාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබීමෙන් අනතුරුව එම ජයග්‍රහණය සැමරීමේ අරමුණින් එවකට හිටපු අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ යෝජනාවකට අනුව මෙම නිදහස් චතුරස්‍රය ඉදිකරනු ලැබුවා.










