දේශීය

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපතිට ඇප

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ හිටපු සභාපති, අනුර වල්පොල මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළා.

Shares: