උණුසුම් පුවත්

දැදුරුඔය – පොල්ගොල්ල ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එහිදී වාන් දොරටු 2ක අඩි 2 බැගින් විවෘත කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම වාන් දොරටුවලින් තත්පරයට ඝන අඩි 1,400ක මුළු ජල ප්‍රමාණයක් මුදා හැරෙනවා.

මේ අතර පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය පැවසුවේ පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හයක් අද අලුයම සිට විවෘත කිරීමට පියවර ගත් බවයි.

එම වාන් දොරටු අඟල් 18 බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 9,000ක මුළු ජල ප්‍රමාණයක ධාරිතාවකුයි වික්ටෝරියා ජලාශයට මුදා හැරෙන්නේ.

පොල්ගොල්ල, මහවැලි වේල්ලෙන් පහළ ජනතාව මහවැලි ගඟ පරිහරණයේදී වඩාත් සුපරික්ෂාකාරී වන ලෙස පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය ඉල්ලා සිටිනවා.

Shares: