ඉෂාරා සෙව්වන්දි ඇතුළු පසුගිය කාලයේ දී අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවන් සහ ඊට සම්බන්ධ පිරිසගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ පාතාලය හා සම්බන්ධ දේශපාලකයන් ගැන තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
එසේම, තවත් සංවිධානාත්මක අපරාධකරුන්ව 80කට රතු නිවේදන නිකුත් කර ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය සමග මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ආනන්ද විජේපාල මහතා වැඩි දුරටත් සඳහන් කළේ පසුගියදා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් බව කියන පිරිසගේ සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ අගෝස්තු 30වන දිනෙන් පසුව T56 ගිනි අවි 07ක්, T81 ගිනි අවි එකක්, පිස්තෝල 06ක්, රිවෝල්වර 09ක්, වෙනත් අවි දෙකක් සහ උණ්ඩ 909ක් ද සොයාගත් බවයි.











