උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (19) නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ ඉදල්ගස්හින්න සහ ඔහිය අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රාත්‍රී තැපැල් දුම්රිය පීලිපැනීමට ලක්වීම හේතුවෙන්.
එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ උඩරට මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් බදුල්ල – කොළඹ දුම්රිය ගමන් වාර දෙකක් අවලංගු කර ඇති බවයි.
මේ වනවිටත් එම ප්‍රදේශයට තද වැසි ඇදහැලෙමින් පවතින බැවින් දුම්රිය මාර්ගය යථා තත්ත්වට පත් කිරීමට අද දිනය තුළ හැකිවනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ.
මේ අතර, ඊයේ දිනයේදී ද මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය කරමින් තිබූ දුම්රියක් ඔහිය දුම්රිය ස්ථානය අසළදී පිලීපැනීම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වූවා.











