2026 පාපන්දු ලෝක කුසලානයට උතුරු, මධ්‍යම අමෙරිකානු සහ කැරිබියානු (CONCACAF) කලාපයෙන් සුදුසුකම් ලබාගැනීමට කුරකාවෝ (Curaçao) රාජ්‍යයට මෙවර හැකිව තිබෙනවා.
කලාපීය තරගාවලියේ තීරණාත්මක තෙවන වටයේ දී ඔවුන් ජැමෙයිකාවට එරෙහි තරගය ගෝල 0-0ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන්කර ගැනීමත් සමග ඔවුන්ට මෙම අවස්ථාව හිමිවුණා.
කැරිබියන් දූපත් රාජ්‍යයක් වන කුරකාවෝ වර්ග කිලෝමීටර 444ක තරම් කුඩා භූමි ප්‍රමාණයක විහිදී ඇති අතර, එහි ජනගහනය 156,115ක් තරම් වනවා.
ඒ අනුව පාපන්දු ලෝක කුසලානයකට සුදුසුකම් ලැබූ ලොව අඩුම ජනගහනයක් ඇති රාජ්‍ය බවට කුරකාවෝ පත්වුණා.
මීට පෙර එම වාර්තාව අයිස්ලන්තයට හිමිව තිබුණා. 2018 පාපන්දු ලෝක කුසලානයට ඔවුන් සුදුසුකම් ලබාගන්නා විට එරට ජනග්‍රහනය 350,000ක් වුණා.
මේ අතර කුරකාවෝ හි පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ 78 හැවිරිදි නෙදර්ලන්ත ජාතික Dick Advocaat වන අතර, ඔහු පාපන්දු ලෝක කුසලානයකට සිය කණ්ඩායම රැගෙන ගිය ලොව වයස්ගතම පුහුණුකරු ද වනවා.
මීට පෙර ලොව වයස්ගතම පුහුණුකරු වී ඇත්තේ 2010 පාපන්දු ලෝක කුසලානයේ ග්‍රීසියේ පුහුණුකරු ලෙස කටයුතු කළ Otto Rehhagel යි.
ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 71ක්.
කුරකාවෝ ලෝක පාපන්දු ශ්රේණිගතිකිරීම් හි අද වනවිට ලොව 82වන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.










