විද්‍යුත් කාඩ්පත් ඔස්සේ බස් ගාස්තු ගෙවීමේ වැඩසටහන හෙට (24) සිට ආරම්භ වනවා.
හෙට පෙරවරු 08.00 ට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ කිරීමට නියමිතයි.
ඩිජිටල් අමාත්‍යංශය සහ ප්‍රවාහන අමාත්‍යංශය එක්ව මෙම වැඩසටහන මෙහෙයවනු ලබනවා.
ඒ අනුව, පළමු අදියර යටතේ මාර්ග 20ක පමණ මෙය හඳුන්වාදීමට නියමිතයි.










