දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ අධික වැසි ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අනෙකුත් ප්‍රදේශවලටද මිලිමීටර් 75 ඉක්මවූ සාපේක්ෂව තද වැසි ඇති වීමට ඉඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම, දිවයින ආශ්‍රිතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හෙට (25) දිනයේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.










