ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ජෝන් ඩක්වෝත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා.
ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.
එහිදී, ඔස්ට්‍රේලියානු වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව පිළිබඳවත්, දෙරටේ ජනතාව අතර පවතින සබඳතා පිළිබඳවත් අග්‍රාමාත්‍යතුමිය විසින් අවධානය යොමු කර තිබෙනවා.
එමෙන්ම, ආර්ථික හා වෙනත් ගැටලු සම්බන්ධයෙන් කලාපීය සංවාදය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාව දක්වන උනන්දුව පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමිය විසින් එහිදී සිහිපත් කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.
එමෙන්ම, වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රෙයේ සහයෝගීතාවය වර්ධනය කිරීම කෙරෙහි එම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර, අග්‍රාමාත්‍යතුමිය විසින් වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා නියාමන රාමු සහ තාක්ෂණික සහාය සඳහා ඔස්ට්‍රේලියානු රජයේ සහාය ද ඉල්ලා තිබෙනවා.











