උණුසුම් පුවත්

කැඩපත් පවුර කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ්

ලෝක උරුමයක් වූ සීගිරි කැඩපත් පවුරට හානි වන ලෙස කුරුටු ගෑ තරුණිය ලබන 26 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

අදාළ තරුණිය අද (15) දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

සීගිරියේ කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් ඉංග්‍රීසි අකුරු හයක් ලියු බවට සැක පිට මෙම තරුණිය ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක තරුණියක් වන ඇය තවත් කිහිප දෙනෙකු සමග සීගිරිය නැරඹීමට පැමිණි අවස්ථාවේ දීයි මෙම ක්‍රියාව සිදුකර තිබුණේ.

Shares: