උණුසුම් පුවත්

පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කළ ප්‍රසිද්ධ වෙළෙඳසැලකට දඩ

දේශිය රතු කැකුළු සම්බා සහල් පාලන මිලට වැඩියෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් රත්නපුර නගරයේ ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලක් වරද පිළිගැනීමෙන් අනතුරුව දඩ නියම කර තිබෙනවා.

පාරිභෝගික අධිකාරිය පැවසුවේ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ වෙළෙඳසැල් හිමියාට රුපියල් 500,000ක දඩ මුදලක් නියම කර ඇති බවයි.

එමෙන්ම කිරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් රත්නපුර නගරයේ තොග වෙළදසැලකට ද රුපියල් 200,000ක දඩ මුදලක් රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියම කළා.

මේ අතර පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද අංක 2451/41 දරණ ගැසට් නිවේදනය අනුව පොලිතින් බහාලුම් මලු හෙවත් සිලි සිලි මළු සඳහා මුදල් අයනොකර ලබාදීම සම්බන්ධයෙන් වරද පිළිගත් ව්‍යාපාරිකයෙකුට ද රුපියල් 10,000ක දඩ මුදලක් නියම කිරීමටයි රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

Shares: