පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් අද (28) උදෑසන 6 න් පසු දුම්රිය ධාවනය සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් බවයි මෙහෙයුම් අතිරේක සාමාන්‍යාධිකාරී චන්ද්‍රසේන බණ්ඩාර මහතා පැවසුවේ.
දැනට පවතින අඛණ්ඩ අධික වර්ෂාව හේතුවෙන් දුම්රිය මාර්ග කිහිපයක් ඔස්සේ නායයෑම් අවදානම වැඩි වී තිබෙන අතර ගංවතුර තත්ත්වයන් සහ ගස් කඩා වැටීමේ අවදානම ද ඉහළ ගොස් තිබෙනවා.
මේ අනුව, රට පුරා පවතින මෙම අවදානම් තත්ත්වයන් හේතුවෙනුයි මෙම දුම්රිය ගමනාගමනය තාවකාලිකව නවතා දමා ඇත්තේ.
ඒ අනුව පවතින ආපදා තත්ත්වය පහව යනතෙක් බස්නාහිර පළාත තුළ පමණක් දුම්රිය ධාවනය වන අතර දුම්රිය කිහිපයක් අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන කාර්ය මණ්ඩලය වෙනුවෙන් ගාල්ල සහ හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙනු ඇති.










