දේශීය

නායයෑමේ අවදානමක් – කෑගල්ලෙන් පාර වැසේ

කොළඹ – නුවර මාර්ගය කෑගල්ල, මිහිපිටිය ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

මේ හේතුවෙන් කොළඹ – නුවර මාර්ගය එම ප්‍රදේශයෙන් වසා දැමීමට කටයුතු කරන බවයි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කර ඇත්තේ.

එබැවින් කොළඹ – නුවර මාර්ගයේ රථ වාහන ධාවනය කරන පිරිස කෑගල්ල ප්‍රදේශයෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් අත්‍යවශ්‍ය කරුණක් හැරුණුවිට එම ප්‍රදේශයෙන් ගමන් කිරීමෙන් වළකින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Shares: