වැලිමඩ, රේන්දපොළ ප්‍රදේශයේ බිහිසුණු නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා..
ඊයේ රාත්‍රී 10.15ට පමණයි මෙම නායයෑම සිදුව තිබුණේ.
යුද හමුදා කඩිනම් මෙහෙයුම් මෙම ස්ථානයට පැමිණ සිරවී සිටි මෙක්සිකානු සහ ආර්ජන්ටිනා විදෙස් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 10 දෙනෙකු පමණ බේරාගෙන තිබෙනවා.
නායයෑමෙන් මුදවා ගත් පිරිස් මේ වනවිට තාවකාලිකව රඳවා ඇත්තේ සමරවීරපුර මුස්ලිම් පල්ලියේයි.











