ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහජන හදිසි අවස්ථා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යෑම සඳහායි මෙලෙස රට තුළ මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇත්තේ.
ජනාධිපතිවරයා විසින්, 1959 අංක 8 දරණ පනතින් සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරණ පනතින් සහ 1988 අංක 28 දරණ පනතින් සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තියෙන් තමන් වෙත පැවරී ඇති බලතල අනුව ආඥාපනතේ II වන කොටසේ විධිවිධාන අනුව ශ්‍රී ලංකාව මුළුල්ලේම මෙසේ ප්‍රකාශයට කර තිබෙනවා.










