ආපදාවට ලක්වූ ප්‍රදේශවල මාර්ග පිළිසකර කරමින් තිබිය දී විශාල වශයෙන් සහන කණ්ඩායම් පැමිණීම එම කාර්යයට බාධාවක් වී ඇතැයි පොලීසිය පවසනවා.
එම සහන කණ්ඩායම් සිදුකරන මෙහෙවරට තම ගෞරවනීය ස්තූතිය පළ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කර සිටියේ,
කෙසේ නමුත් ඇතැම් දිස්ත්‍රික්කවල මාර්ග අලුත්වැඩියා කටයුතු සිදුකරන ප්‍රදේශවලට විශාල වාහන ප්‍රමාණයක් පැමිණීම එම කටයුතුවලට බාධාවක් බවත්, එමෙන්ම ඇතැම් යතුරුපැදිකරුවන් පැමිණ ආපදාවට ලක්වූ ස්ථාන නිරීක්ෂණය කරමින් එම ස්ථාන වීඩියෝ ගත කිරීම හේතුවෙන් අදාළ ස්ථානවල රාජකාරි සිදුකරන පිරිසට එය බාධාවක් වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.
එලෙස පැමිණෙන පිරිසට ද මෙම තත්ත්වය අවදානම් බව ද සඳහන් කර සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙන්නේ සහන කණ්ඩායම් අදාළ ප්‍රදේශවල කොට්ඨාස භාර ස්ථානාධිපතිවරු සම්බන්ධ කරගනිමින් අදාළ සහනයන් ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙසයි.
එමෙන්ම ආපදා මෙහෙයුම් මැදිරියට කතා කර එම සහන ලබාදීමට කටයුතු කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලීම් කරනවා.
පොලිස් විශේෂ මෙහෙයුම් මැදිරියේ දුරකථන අංක :
071- 8595884
071- 8595883
071- 8595882
071- 8595881
071- 8595880










