දේශීය

‍ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අඹේපුස්සට පමණයි

‍ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අද (02) දිනයේ අබේපුස්ස දක්වා සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

පුත්තලම් මාර්ගයේ දුම්රිය ධාවනය කොච්චිකඩේ දක්වා සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

එමෙන්ම කැලණිවැලි මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

එසේම දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ ධාවනය කළ දුම්රියන් 18ක් පොල්ගහවෙල, රඹුක්කන, කුරුණැගල, ගනේවත්ත, හලාවත සහ පුත්තලම යන දුම්රිය ස්ථානවල සේවයට යොදා ගත නොහැකිව නවතා දමා ඇති බවයි.

මේ අතර රට තුළ කිසිදු අත්‍යාවශ්‍ය ආහාර හිඟයක් නොමැති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් ළඟවීමට නොහැකි වූ ප්‍රදේශයන් වෙත ආරක්ෂක අංශයන්හි සහය ලබා ගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ දිවයින පුරා බෙදා හැරීමට නටයුකු කරන බවයි.

Shares: