විවෘත කර තිබූ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් රථ වාහන ගමනාගමනය සඳහා අද (04) උදෑසන යළි සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.
පසුගියදා වෙළෙඳසැලක් හා නිවසක් මතට පස් කන්දක් හා ගල් පෙරළීමක් සිදුවූ පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයෙනුයි මෙලෙස ගමනාගමනය යළි සීමා කර ඇත්තේ.
කෙසේවෙතත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම ස්ථානයේ පරීක්ෂා කිරීමක් සිදුකරන බවත්, එබැවින් අත්‍යවශ්‍ය සේවා සහ ආපදා සහන ක්‍රියාන්විතයට අයත් රථ සඳහා පමණක් එම ස්ථානයෙන් ගමන් කිරීමට අවසර ලබාදී ඇති බවත් වාර්තා වනවා.
එමෙන්ම කාඩුගන්නාව පොලීසියෙන් සිදුකළ විමසීමකදී ඔවුන් පැවසුවේ, කඩුගන්නාව නගරයෙන් මාර්ග බාධකයක් සහ ගනේතැන්න නගරයෙන් මාර්ග බාධකයක් යොදා අදාළ මාර්ග කොටස වසා දමා ඇති බවයි.











