දේශීය

නොරොච්චෝලේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් කාන්තාවකට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් නොරොච්චෝල පොලිස් වසමෙන් වාර්තා වනවා.

නොරොච්චෝලේ පොලිස් වසමේ නාවක්කාඩුව ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රී කාලයේ පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදීයි පිරිමි පුද්ගලයා හා එක් කාන්තාවක් මෙලෙස මියගොස් ඇත්තේ.

පොලිසිය පැවසුවේ මරණකරු වයස අවුරුදු 38ක් සහ මරණකාරිය වයස අවුරුදු 35ක් බවත්, ඔවුන් නාවක්කාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.

පුද්ගලික ආරවුලක් මත මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

වයස අවුරුදු 23ක් වන නාවක්කාඩුව ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබයි.

නොරොච්චෝල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Shares: