ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවට එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර අදට (25) වසර 28ක් ගතව තිබෙනවා.
1998 වසරේ ජනවාරි මස 25දා එනම් අද වැනි දවසක මෙම ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වූයේ උදෑසන 6.05ට පමණයි.
මහනුවර නාථ දේවාලය දෙසින් පැමිණි බෝම්බ පටවාගත් ලොරියක් පුපුරුවා හැර එල්.ටී.ටී.ඊ සංවිධානය එකී විනාශය සිදු කළා.
එම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය බැතිමතුන් ගණන 16ක්.
ඒ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සැකකරුවන් තිදෙනකුට මරණීය දණ්ඩනය නියම කෙරුණා.
පසුව බෝම්බ ප්‍ර‍්‍රහාරයෙන් විනාශ වූ දළදා මාළිගාවේ ස්ථාන රැසක් එවකට ප්‍රතිසංස්කරණය කරන ලද්දේ රුපියල් මිලියන 150ක පමණ වියදමිනුයි.
කෙසේ වෙතත් ප්‍රහාරයෙන් දළදා වහන්සේ වැඩසිටි දළදා මැඳුරට කිසිදු විනාශයක් සිදු වුණේ නැහැ.
එම කණගාටුදායක දිනය සිහිපත් කරමින් සංවිධාන කිහිපයක් විසින් වැල් බෝධිය අසල බෝධි පුජාමය පින්කමක් පවත්වා මියගිය පිරිසට පිං අනුමෝදනා කර තිබෙනවා.











