විදෙස්

දියවැඩියාව හා බර අඩු කර ගැනීමේ බෙහෙත්වලට ඕස්ට්‍රේලියාවේ අනතුරු ඇඟවීමක්

දෙවන වර්ගයේ දියවැඩියාව සහ තරබාරු කමට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රසිද්ධියට පත්ව ඇති බහුල වශයෙන් භාවිත කෙරෙන ඖෂධයක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ජාතික ඖෂධ ආයතනය විසින් ආරක්ෂිත අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Therapeutic Goods Administration (TGA ) සංගමය GLP-1 ප්‍රතිග්‍රාහක ඇගෝනිස්ට් ( receptor agonists) ලෙස හඳුන්වන නව ඖෂධ කාණ්ඩය සඳහා එහි නිෂ්පාදන තොරතුරු update කර ඇති අතර, සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇතිවීමේ අවදානම වැඩි වන බවටයි අනතුරු අඟවා ඇත්තේ.

එහිදී නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ GLP-1 ඖෂධය අලෙවි කරන සමාගම්වලින් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගන්නා බවයි.

එමෙන්ම මෙම ඖෂධ කාණ්ඩයට ඕස්ට්‍රේලියාවේ Ozempic ලෙස අලෙවි කරන ඖෂධය වන Semaglutide ද ඇතුළත්.

ඕස්ට්‍රේලියානුවන් දියවැඩියාවට ප්‍රතිකාර කිරීම සඳහා සතිපතා එන්නතක් ලෙස මෙම ඖෂධය ලබා ගන්නා අතර එය බර අඩු කර ගැනීම සඳහා ද බහුලව භාවිතා කරනු ලබයි.

එමඟින් එය ප්‍රසිද්ධ පුද්ගලයින් අතර ද ජනප්‍රිය බවයි එරට මාධ්‍ය වර්තා දක්වන්නේ.

අනතුරු ඇඟවීමට ඇතුළත් කර ඇති අනෙකුත් GLP-1 ප්‍රතිග්‍රාහක ඇගෝනිස්ට් වූයේ Wegovy ලෙස විකුණන ලද Smaglutide, Saxenda ලෙස විකුණන ලද Liraglutide, Dulaglutide (Trulicity) සහ Tirzepatide (Mounjaro) නම් ඖෂධ වර්ගයි.

මෙම ඖෂධ ලබා ගන්නා රෝගීන් නරක අතට හැරෙන මානසික අවපීඩනය, සියදිවි නසාගැනීමේ සිතුවිලි හෝ මනෝභාවයේ හෝ හැසිරීමේ අසාමාන්‍ය වෙනස්කම් අත්විඳින්නේ නම්, වහාම ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරයාට දැනුම් දිය යුතු වනවා.

Tirzepatide ලබා ගන්නා රෝගීන්ට පළමු වරට ඖෂධ ගැනීමෙන් පසු සති හතරක් සහ මාත්‍රාව වැඩි කිරීමෙන් පසු සති හතරක් සඳහා මුඛ නොවන උපත් පාලන ක්‍රමයකට මාරු වීමට හෝ උපත් පාලන බාධක ක්‍රමයක් එක් කිරීමටයි Therapeutic Goods Administration උපදෙස් දී ඇත්තේ.

එමෙන්ම ගර්භණී සමයේදී GLP-1 ප්‍රතිග්‍රාහක agonists භාවිතා නොකළ යුතු බවත්, දරුවන් බිහි කිරීමේ හැකියාව ඇති කාන්තාවන් ඖෂධ භාවිතා කරන විට ඵලදායී උපත් පාලන ක්‍රම භාවිතා කළ යුතු බවත් එහි වැඩිදුරටත් සඳහන්.

මේ අතර නවසීලන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ GLP-1 RA කාණ්ඩයේ ඖෂධ සහ සියදිවි නසාගැනීමේ සිතුවිලි හෝ හැසිරීම් අතර ඇති විය හැකි සම්බන්ධය පිළිබඳව ඕස්ට්‍රේලියානු ඖෂධ නියාමකයාගේ උපදේශනය පිළිබඳව Medsafe දැනුවත් බවයි.

එසේම එම කාණ්ඩයට අයත් නවසීලන්තයේ අනුමත කරන ලද ඖෂධ අතර Saxenda, Wegovy, Ozempic, Trulicity සහ Victoza ඇතුළත් වන අතර ඒවා දෙවන වර්ගයේ දියවැඩියාව හෝ තරබාරුකමට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ඖෂධ වනවා.

Mounjaro ද මෙම ඖෂධ කාණ්ඩයට අයත් වන නමුත් නවසීලන්තයේ එය අනුමත කර නැහැ.

Shares: