උණුසුම් පුවත්

කළුඅග්ගල කන්දේ නායයෑම් අවදානමක් – පවුල් 100ක් ඉවත් කෙරේ

ගම්පහ, දිවුලපිටිය කළුඅග්ගල කන්දේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 100ක් පමණ පදිංචි ස්ථානවලින් තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් 03ක අධි අවදානම් ප්‍රදේශවල පදිංචිකරුවන් මෙලෙස ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා පැවසුවේ.

මේ වන විට අදාළ ප්‍රදේශය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් විසින් පරීක්ෂා කරමින් සිටින බව ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඔවුන් විසින් ලබා දෙන නිර්දේශ මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා අතර ඉවත් කෙරුණු ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථානවල රදවාසිටින බවයි.

Shares: