දේශීය

සත්වෝද්‍යානයේ සිටි කහ ඇනකොණ්ඩා පැටවා අතුරුදන් වෙලා

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි කහ ඇනකොණ්ඩා පැටවා අතුරුදන් වී ඇති බවට සත්වෝද්‍යාන නිලධාරින් විසින් දෙහිවල පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

මෙරට කාන්තාවක විසින් තායිලන්තයේ සිට නීති විරෝධීව මෙම කහ ඇනකොණ්ඩාවා ඇතුළු සර්ප විශේෂ තුනකට අයත් සර්පයින් 6 දෙනෙකු මෙරටට රැගෙනවිත් තිබුණේ පසුගිය සැප්තැම්බර් මස 12 වනදායි.

පසුව එම සර්පයින් කටුනායක ගුවන් තොටුපළ රේගුව භාරයට ගෙන දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත භාර දෙනු ලැබුවා.

ඒ අනුව එම සර්පයින් 6 දෙනා නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර අදාළ කාල සීමාවෙන් පසු මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවයි දෙහිවල සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කසුන් හේමන්ත සමරසේකර මහතා පසුගියදා ප්‍රකාශ කළේ.

එහිදී ඔහු පැවසුවේ මෙම කහ ඇනකොණ්ඩාව දකුණු අමෙරිකාව නිජබිම කරගත් බරින් වැඩිම සර්ප විශේෂයක් බවයි.

එමෙන්ම මෙම අතුරුදන් වී ඇති කහ ඇනකොන්ඩාවා මීට පෙර දෙහිවල ජාතික සත්වෝද්‍යානය නොසිටි බවත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා එම අවස්ථාවේදී සඳහන් කළා.

Shares: