අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මොහොමඩ් හිල්මි මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම සැකකරුගේ රෝගී තත්ත්වය පිළිබඳ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය වාර්තාවල සඳහන් රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ඇති කරුණු, සුවිශේෂී කරුණු සේ සලකා මෙම සැකකරු ඇප මත මුදා හැරීමට තීරණය කරන බවයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සිය නියෝගයෙන් දැනුම් දී ඇත්තේ.
ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ 20 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර සැකකරු ගේ විදේශ ගමන් ද තහනම් කර තිබෙනවා.
එමෙන්ම අධිකරණය නියම කළේ මෙම නඩුව පෙබරවාරි මස 17 වනදා නැවත කැඳවන ලෙසයි.











