දේශීය

දෙසැම්බරයේ මුල් දින 8ට ලංකාවට පැමිණි සංචාරකයින් 50,000 පනී

දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 50,222ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළ දී ඉන්දියාවෙන් සංචාරකයින් 10,453ක් පැමිණ ඇති අතර එය 21.0% ක ප්‍රතිශතයක්.

තවද රුසියාවෙන් 5,420ක්, ජර්මනියෙන් 4,822ක්, එක්සත් රාජධානියෙන් 3,823ක්, චීනයෙන් 2,627ක් සහ ඕස්ට්‍රේලියානු ජාතිකයින් 2,594 ක් ද දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට දෙසැම්බර් 08 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 2,153,815ක්.

ඒ අතරින් සංචාරකයින් 485,249ක් ඉන්දියාවෙන්, 164,013ක් රුසියාවෙන් සහ 195,565ක් එක්සත් රාජධානියෙන් පැමිණි බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

Shares: