2012 වසරේ ග්‍රීක බැදුම්කර නඩුවෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු එම නඩුවේ විත්තිකරුවන් සිව් දෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද(10) නියෝග කළා.
ඒ ඔවුන්ට එරෙහිව පවරා තිබූ නඩුවේ චෝදනාපත්‍රය අල්ලස් කොමිසම විසින්ම ඉල්ලා අස්කර ගැනීම නිසයි.
2011 වර්ෂයේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදු කිරීම ඇතුලු චෝදනා යටතේයි අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබුණේ.
ඒකී බැඳුම්කර ගනුදෙනුව මහ බැංකුවේ රෙගුලාසිවලට හා මූල්‍ය වාර්තා රෙගුලාසිවලට අනුකූලව නීත්‍යානුකූලව සිදුව ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබිය දී අල්ලස් කොමිසම විසින් දෙවන වරටත් මෙම නඩුව පවරා තිබීම යුත්ති සහගත නොවන බවට ජනාධිපති නීතීඥ ඩිලාන් රත්නායක මහතා සහ නලින් ලද්දු හෙට්ටිආරච්චි මහතා ලිඛිතව කරුණු දක්වා තිබුණා.










