දේශීය

දෙමෝදර කන්ද නායයෑමේ දැඩි අවදානමක්

දෙස් විදෙස් සංචාරකයින්ගේ විශේෂ ආකර්ෂණයක් ඇති ස්ථානයක් වන ඇල්ල දෙමෝදර නැරඹුම් වේදිකා සහිත කන්ද නාය යෑමේ දැඩි අවදානමකට ලක්ව තිබෙනවා.

ඒ පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් කඩිනම් විමර්ශන වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදය කුමාර මහතා කියා සිටියේ.

මේ අතර, බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබාදීමේ මහා ශ්‍රම මෙහෙයුමයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (09) ආරම්භ කෙරුණු මෙම කටයුත්ත, මේ මස 23 වනදා දක්වා බදුල්ල දිස්ත්‍රික්කය පුරා වැඩ බිම් 50ක ක්‍රියාත්මක කෙරෙනු ඇති.

Shares: