ව්‍යාපාරික

රන් මිල යළිත් ඉහළට

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද (12) වනවිට ලෝක රන් මිල ඩොලර් 4,266 දක්වායි ඉහළ ‍ගොස් ඇත්තේ.

එහිදී මෙරට රත්‍රං මිල ඊයේ දිනයට සාපේක්ෂව අද දිනය වනවිට රුපියල් 3,000කින් වැඩිවී තිබෙනවා.

අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල දැක්වූයේ රු. 312,000ක් ලෙසයි.

මේ අතර ඊයේ දිනයේ දී රු. 336,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 339,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Shares: