ආපදා තත්ත්වය හේතුවෙන් හලාවත දිස්ත්‍රික් මහ රෝහලට රුපියල් මිලියන 1200කට වැඩි හානියක් සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
සාමාන්‍ය පරිදි රෝහලෙන් ලබාදෙන ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 1,200 පමණ මුදලක් වැය වෙනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.
හදිසි ආපදා තත්ත්වය හමුවේ ජල ගැල්මට හසු වූ හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණයක නිරත වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
අනතුරුව, එම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමග ඉදිරි ප්‍රතිකාර සේවා අදියරෙන් අදියර ක්‍රියාත්මක කිරීමට අදාළ ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳවද දීර්ඝව කරුණු සාකච්ජා කළ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ.










