තුන්වැනි පාසල් වාරයේ දෙවැනි අදියර, අදින් (16) ඇරඹෙනවා.
පළාත් තුනක හැර ඉතිරි පළාත්වල පාසල් අද ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා පැවසුවේ.
ඔහු ප්‍රකාශ කළේ ආපදා හේතුවෙන් සෘජුවම බලපෑමට ලක්වූ දරුවන්ට පහසු හා සුදුසු ඇඳුමකින් පාසල් පැමිණීමට අවසර ලබාදී ඇති බවයි.
මේ අතර ලබන 22 වැනිදා සිට 28 වැනිදා දක්වා පාසල්වලට යළි නිවාඩු ලබාදෙන්නේ, නත්තල් උත්සවය නිමිත්තෙන්.
එමෙන්ම නොවැම්බර් මාසයේ ලංගම වාර ප්‍රවේශ පත්‍රයෙන් මේ මාසයේ ද බස් රථ වල ගමන් කිරීමට සිසුන්ට අවස්ථාව දී තිබෙනවා.
ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ, පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි.
එසේම නොවැම්බර් මාසයේ දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයෙන් මේ මාසයේදී ද දුම්රියවල ගමන් කිරීමට සිසුන්ට හැකියාව පවතිනවා.










