Global Platform For All Sri Lankans

Lanka Hit News

රේගු භාණ්ඩලවලට ලංසු දැමීමේ ඉලෙක්ට්‍රොනික ක්‍රමය ජනවාරියේ සිට

 

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ අළෙවි කිරීමේදී ගැණුම්කරුවන්ට ලංසු ඉදිරිපත් කිරීමට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් ලබන ජනවාරි මස 1 වැනිදා සිට හදුන්වා දෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සඳහන් කළා.

රේගුව පසුගියදා මැණික් තොගයක් අළෙවි කිරීමට ලංසු කැඳවූ බවත් එහිදී ඉහළම ලංසුව ඉදිරිපත් කළ ගැණුම්කරු කිසියම් පිරිසකගේ හෝ පුද්ගලයකුගේ බලපෑම හේතුවෙන් ලංසුව ඉවත්කරගෙන ඇති බවත් සඳහන්.

එම තත්ත්වය හේතුවෙන් මැණික් අළෙවි කිරීම අත්හිටුවා පරීක්‍ෂණයක් පවත්වන බව කී අරුක්ගොඩ එවැනි දේවල්වලින් රජයට විශාල මූල්‍ය පාඩුවක් වන බව ද සඳහන් කළා.

ඒ සඳහා පරිගණක තාක්‍ෂණ ක්‍රමයක් ජනවාරි සිට ලංසු ඉදිරිපත් කිරීමට හදුන්වා දෙන බවත් එය ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම පුද්ගලයෙක්ට ලංසු ඉදිරිපත් කළ හැකි ක්‍රමයක් බවත් සීවලී අරුක්ගොඩ වැඩිදුරටත් සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ජනාධිපති ලේකම් කාර්යාල‍යෙන් අතුරුදන් වූ මිලියන ගණනක භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්

  ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads