Global Platform For All Sri Lankans

Lanka Hit News

අද දෙවන දිනටත්, අතුරු සම්මත ගිණුම ගැන විවාද වෙයි

 

ලබන වසර සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම හා පරිපූරක ඇස්තමේන්තුව පිළිබද විවාදය දෙවන දිනටත් අද(06) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනු ඇති.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් අතුරු සම්මත ගිණුම හා පරිපූරක ඇස්තමේන්තුව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව විවාදය ආරම්භ වුණා.

අතුරු සම්මත ගිණුම යටතේ රුපියල් බිලියන 1, 402 අධික මුදලක් සහ පරිපූරක ඇස්තමේන්තුව යටතේ රුපියල් බිලියන 215 කට අධික මුදලක් සම්මත කර ගැනීමට අපේක්ෂිතයි.

එම අතුරු සම්මත ගිණුමට අනුව, 2025 වසරේ පළමු මාස 04 සඳහා වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයටයි.

එම අමාත්‍යංශයට රුපියල් මිලියන දෙලක්ෂ විසිදහස් හැත්තෑපහක් වෙන්කර ඇත්තේ, පුනරාවර්තන වියදම් රුපියල් මිලියන 16,937 ක් සහ මූලධන වියදම් රුපියල් මිලියන දෙලක්ෂ තුන්දහස් එකසිය තිස් අටක්.

ජනාධිපති වැය ශිර්ෂය සඳහා රුපියල් මිලියන 1282.94ක මුදලක් වෙන්කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් මිලියන 10,384 ක මුදලක් ද වෙන් කෙරුණා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ජනාධිපති ලේකම් කාර්යාල‍යෙන් අතුරුදන් වූ මිලියන ගණනක භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්

  ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads