Global Platform For All Sri Lankans

බදු ගෙව්වේ නැත්නම්, ගෙදර එනවා..

 

සැප්තැ­ම්බර් 30 දිනට පෙර හිඟ බදු මුදල් ගෙවා නොමැති පුද්ග­ල­යන්ගේ පරි­ශ්‍ර­යන් වෙත ගොස් ඒවා අය කර ගැනීමේ නව වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කළ බව දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව පවසනවා.

ස්වත­ක්සේරු ගෙවීම් ක්‍රමය යටතේ සැප්තැ­ම්බර් 30 දිනට පෙර සියලු හිඟ බදු මුදල් ගෙවන ලෙස මීට පෙර බදු ගෙවන්නන්ට දැනුම් දී තිබුණා.

ඒ අනුව, සැල­කිය යුතු පිරි­ස­ක­ගෙන් බදු ආදායම් එක්රැස් කර ගැනී­මට සමත් වී තිබෙන බවද සඳහන්.

කෙසේ නමුත්, තව­මත් හිඟ බදු මුදල් ගෙවා නොති­බෙන පිරිස වෙත ගොස් මේ ආකා­ර­යට ඒවා අය කර ගැනී­මට තම දෙපා­ර්ත­මේ­න්තුව ඉකුත් සිකු­රාදා (04) පටන් වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කළ බව දේශීය ආදා­යම් කොම­සා­රිස් ජන­රාල් සේපා­ලිකා චන්ද්‍ර­සේ­කර සඳහන් කළා.

මෙතෙක් නොගෙවා තිබෙන ස්වත­ක්සේරු ගෙවීම් ක්‍රම­වේද‍ය යටතේ හිඟ බදු මුදල් අය­කර ගැනීමේ දී නීති­මය කට­යුතු ක්ෂණි­කව සපු­රා­ලී­මට ද තම නිල­ධා­රීන්ට උප­දෙස් ලබා දී ඇතැයි කොම­සා­රිස් ජන­රා­ල්ව­රිය වැඩිදුරටත් සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

හිටපු මන්ත්‍රීවරු තිදෙනෙකුට සජබයෙන් නාම යෝජනා අහිමි වෙන ලකුණු ?

  හිටපු මන්ත්‍රීවරු තිදෙනකු සඳහා මෙවර මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට සමගි ජනබලවේගය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads