Global Platform For All Sri Lankans

Lanka Hit News

ජනපති කොළ නොබලා කතා කළ හැටි, අගමැතිනිය මතකයට නගයි

 

දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී , ජනපති කළ රාජාසන කතාව , කොළයක් හෝ නොබලා කළ එකක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (03) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ඇය එම කතාව උකහා ගනිමින් පෙන්වා දුන්නේ , එම ප්‍රතිපත්ති අද ඊයේ තැනු ඒවා නොව , අවුරුදු ගණනක සාමුහික උත්සාහයක ප්‍රතිපත්ති සමුදායක් බවයි.

අගමැතිනිය එහිදී මෙලෙසද සඳහන් කළා.

” ජනපතිට කොළ කෑල්ලක්වත් බලා නොගෙන කතාව කරන්නට හැකිවුණේ කොහොමද?

ඒ අප සැම අවුරුදු ගණනාවක් එකතු වී හදාගත් සාමූහික ප්‍රතිපත්තිය මෙය නිසයි. මෙය අප එක රැයකින් කළ දෙයක් නොවෙයි. කාලයක් තිස්සේ ගොඩනගා ගත් ස්ථාවර ප්‍රතිපත්තියක් අප එලෙස ඉදිරිපත් කළා.

මේ ඓතිහාසයක වරමක් නියෝජනය කරන පාර්ලිමේන්තුවක්. ජනතාව විසින් සම්ප්‍රදායික ප්‍රභූ දේශපාලන තන්ත්‍රය ප්‍රතික්ෂේප කර තිබෙනවා. අලුත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය ජනතාව අවධාරණය කර තිබෙනවා .මේ පණිවිඩය අප හරියට තේරුම් ගත යුතුයි.

කාලයක් තිස්සේ අපේ රටේ ආණ්ඩුකරණය දැඩි පිරිහීමට ලක්ව තිබුණා. ඒ මගින් බලය අනිසි ලෙස පාවිච්චි වුණා. දූෂණය වැඩි වුණා. එවැනි දූෂිත දේශපාලන සංස්කෘතිය ජනතාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. සම්ප්‍රදායික දේශපාලන පක්ෂ නායකයන් ජනතාව විසින් පිළිකුලින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එමෙන්ම අපේ රටේ ජනතාව මේ දේශපාලන ක්‍රමයෙන් ඉවත් වෙන්නට පටන් ගත්තා.

ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ දේශපාලන නොව බලය අවභාවිත කරන දේශපාලන සංස්කෘතියයි..”

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ජනාධිපති ලේකම් කාර්යාල‍යෙන් අතුරුදන් වූ මිලියන ගණනක භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්

  ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads