Global Platform For All Sri Lankans

2025 සඳහා පාසල් නිල ඇඳුම් රෙදි චීනයෙන්..

 

2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි, පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

2025 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි මුළු අවශ්‍යතාව රෙදි මීටර මිලියන 11.82 ක් පමණ වෙම අතර එම සම්පුර්ණ ප්‍රමාණයම, ප්‍රදානයක් ලෙස ලබා දීමට මහජන චීන සමුහාණ්ඩුව විසින් පසුගියදා එකඟතාවය පළකරනු ලැබුවා.

මෙම රෙදි තොගයට අදාළව, අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවන ලද නියැදිය ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය (SLITA) මඟින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව, එම රෙදි පාසල් සිසුන්ගේ භාවිතය සඳහා සුදුසු බවට නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව, 2025 වර්ෂය සඳහා සියලුම පාසල් හා පිරිවෙන් සිසුනට නිල ඇඳුම් රෙදි සපයා දීම සඳහා වන චීන රජයේ ප්‍රදානය භාර ගැනීම පිණිස අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍ය තුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමත කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads