මහවිරු සැමරුම් උත්සව සම්බන්ධ වීඩියෝ පට මුහුණු පොත ඔස්සේ හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගිනුයි මොහු අද(05) උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවේ.
කොටිකාවත්ත ප්රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු වුණා.
Author: Lanka Hit News
Post Views: 12