Global Platform For All Sri Lankans

Lanka Hit News

පායන පාටක් නෑ , අදත් වැස්ස

 

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය අද (18) උදෑසන වන විට දිවයිනට ඊසාන දෙසින් පිහිටා ඇති අතර, එය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

ඌව සහ මධ්‍යම පළාත්වලත් රත්නපුර, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්.

තවද, වයඹ සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණතරමක තද සුළං ඇතිවිය හැකියි.

මේ අතර, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ජනාධිපති ලේකම් කාර්යාල‍යෙන් අතුරුදන් වූ මිලියන ගණනක භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්

  ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads